ශාන්ත ක්ලෙයාර් ඇල්ල (St.Clair Falls)

කතෘ : දිනේෂ් ඩෙකර්
කතෘ හා සම්බන්ද වන්න : dineshdsd@gmail.com | 0716- 818740
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
නොවැ, 2010 3 9 අවුව ඇති ජීප් රිය
මාර්ගය
කොළඹ -> අවිස්සාවේල්ල ->හැටන් ->කොටගල->තලවකැලේ දෙසට
නවාතැන
රජයේ බංගලාවක්
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • පරිසරය සුරකින්න

පිදුම, මගේ ආදරණිය බිරිඳට හා මාගේ නඩේට

ම්ලෙස්නා තේ පැන් හල හමු වුයේ හැටන් පසුවී කොටගල හරහා තලවකැලේ දෙසට කිලෝමීටර 7 ක් පමණ ගමන් කරන විට ඩෙවොන් ඇල්ල අප නෙත ගැටුනේය. මදක් නතර වී එහි සුන්දරත්වය විඳ නැවතත් අපගේ ගමන පටන් ගතෙමු. නුවරඑලිය දක්වා දිවෙන මාර්ගයේ ඔබ පසුකරන ප්‍රධාන දිය ඇලි දෙකක්(ඩෙවොන් හා  ශාන්ත ක්ලෙයාර්) ඇති අතර එයින් ශාන්ත ක්ලෙයාර් (St.Clair Falls) අනෙක් හැමට වඩා විශේෂ ආකර්ෂණයක් ලබා ගනී.  කිලෝමීටර් කිහිපයක් ඉදිරියට ඇදුනු අපිට රූමත් ශාන්ත ක්ලෙයාර් ඇල්ල (St.Clair Falls)  හමුවිය.

ශාන්ත ක්ලෙයාර් ඇල්ල

මෙහි ඇති විශේෂත්වය වන්නේ සංචාරයකයන් හට ඈතින් සිට රසබැලිය යුතු මුත් ඇල්ල පාමුලට යාමට හැකියාවක් නැත. එහි සුන්දරත්වය වචනයෙන් විස්තර කල නොහැක; එතරම්ම සුන්දරය. මෙම දිය ඇල්ල උසින් මීටර් 80 පමණ වන අතර එය කොත්මලේ ඔයෙන් නිර්මාණය වේ.මෙම ප්‍රදේශයේ විසු ඉංග්‍රිසි කෝපිවතු හිමියෙකු එංගලන්තයේ විසු ‍ජෙනි‍ෆර් ක්ලෙයා නම් පෙම්වතිය සිහිවීම පිණිස මෙයට නම තබා ඇත.මෙය ඇතෙමෙක් ශ්‍රී ලංකාවේ පුංචි නයගරාව ලෙසද හඳුන්වනු ලැබේ. ශ්‍රී ලංකාවේ ඇති පළලින් වැඩිම දියඇලි අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගනී.

ශාන්ත ක්ලෙයාර් ඇල්ල (St.Clair Falls)
ශාන්ත ක්ලෙයාර් ඇල්ල

ශාන්ත ක්ලෙයාර් ඇල්ල (St.Clair Falls)
ශාන්ත ක්ලෙයාර් ඇල්ල

ශාන්ත ක්ලෙයාර් ඇල්ල (St.Clair Falls)
ශාන්ත ක්ලෙයාර් ඇල්ල

ශාන්ත ක්ලෙයාර් ඇල්ල

ශාන්ත ක්ලෙයාර් ඇල්ල

සුදෝ සුදු ජල ධාරාව දෙස නෙත් යොමා ටික වේලාවක් මෙනෙහි කර එහි මතකය සිතෙහි රඳවා ගෙන අපගේ ගමන නැවත පටන්ගතෙමු. ඉහල කොත්මලේ ජල විදුලි බලාගාරය නිසා මෙම දිය ඇල්ල වෙත බලපෑම් එල්ල වනු ඇති බව පරිසරවේදීන්ගේ අදහසයි.

ශ්‍රී ලංකාවට අභිමානයක් වූ මෙම දිය ඇල්ල ආරක්ෂා කර ගැනීම අප කාගේත් යුතුකමකි.

ජය වේවා!


ගොනු කර ඇත්තේ: සංස්කෘතික සවාරි

Tags:

RSSComments (7)

Leave a Reply | Trackback URL

  1. Amila says:

    නියම රෙපොර්ට් එක .
    ජය පතමි

  2. viraj says:

    ප්‍රිය දිනේෂ්

    තවත් සුන්දර දිය ඇල්ලක් ගැන සුන්දර මතකය අවදි කළාට
    බොහොම ස්තුතියි !
    එහෙත් දස දහසක් ජිවිත අඳුරින් මුදවන්න කැපකෙරෙන සහ කැප කෙරුන; සුන්දර දිය ඇලි සමුහය ගැන මගේ ඇසට කඳුලක් උපදවනු ලැබුවා.

    විරාජ්

  3. මචෝ…
    මමත් හරිම ආසකරන අමුතුම ලාලිත්‍යයක් තියෙන දියඇල්ලක් බං මේක.
    එල්ල වෙන බලපෑම් ගැනනම් සෑහෙන්න කණගාටුයි. ඒත් මොනා කරන්නද? ඇත්තටම දිය ඇල්ලේ සුනදරත්වය විකෘති වෙයිද? වතුර අඩුවෙයිද?

    සටහනට ස්තූතියි!!!
    ජය

  4. tharu says:

    හරිම ලස්සන place එකක්.

    thank you for the informations on this web site.. and i wish you all the best !!!

  5. tharu says:

    can someone tell me, can’t we go near the water fall at all?

Leave a Reply