ලෝක උරුමයක් වන ගාලු කොටුව

කතෘ : දිනේෂ් ඩෙකර්
කතෘ හා සම්බන්ද වන්න : dineshdsd@gmail.com | 0716- 818740
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
අප්‍රේ, 2010 3 4 අවුව ඇති මෝටර් රථය
මාර්ගය
මාතර -> ගාල්ල
නවාතැන
උණවටුනේ නවාතැනක්
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • පරිසරය සුරකින්න

  • ලෝක උරුමයක් වන මෙය විනාශ කරන්න එපා

  • වතුර ලීටරයක්වත් ලඟතබා ගන්න

  • විශේෂ ස්තුතිය කෝසලට හා ආසිරිට.

පිදුම, මගේ ආදරණිය බිරිඳට

ගාලු නගරයට ලඟා වනවිට පස්වරු 4.30 පසුවී තිබුණි. විනෝද ගමන් සඳහා නගරය පසුකර යන්නෙක් ගාලු කොටුව නැරඹුව නැත්නම් තම ගමන සම්පුර්ණ නැති බව මගේ පෞද්ගලික හැගීමයි. කෙසේවෙතත් අපගේ අරමුණ වුයේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන ගාලු කොටුව හොඳහැටි නැරඹීමයි. ලන්දේසි කොටුව ලෙස විරුදාවලිය ලැබුවත් මෙය මුලින් ඉදිකර ඇත්හේ පෘතුගීසීන්ය. ලන්දේසින් විසින් ගාලු කොටුව 17 වන ශතවර්ෂයේදී ප්‍රතිසංස්කරණය කරන ලදී. ශ්‍රී ලංකා පුරාවිද්යා දෙපාර්තුමේන්තුවේ සංරක්ෂණ ක්රියාවලිය නිසා වසර 400 ක් පමණ පරණ වුවත් එහි තේජාන්විත භාවය තවමත් රැඳී පවතී. මෙම ලිපියේ අරමුණ පරගැතීන්ට ආවැඩීම නොව හතුරන් වුවද කල හොඳ දෙයක් අගය කිරීමය.

ගාලු කොටුවේ සිතියම

අප සෙමෙන් සෙමෙන් ඇවිදින්නට පටන් ගතිමු. ආරුකුවකින් ඇතුල් වූ අපි උමගක් තුලින් ගොස් පඩිපෙලක් නැග බලකොටුවට ඇතුල් වුනෙමු. පෘතුගීසින් ගෙන් ගාලු නගරය ලන්දේසි අත්පත් කර ගැනීමට පෙර එය පෘතුගීසින් ගේ ප්‍රධාන පරිපාලන නගරය විය. ඔවුන් 1588 දී බලකොටුව නිර්මාණය කිරීමට පටන් ගත් බව ඉතිහාසයේ සඳහන් වුවද පෘතුගීසින් විසින් ඉදිකළ බව කියන සාක්ෂි කිසිවක් ඉතිරි වී නැත. ගාලු කොටුව තුල ගාල්ල පැරණි නගරය පවතින අතර එම පවුර මගින් නගරයට ආරක්ෂාව සැලසුබව විදහා පායි. 17 ත් වන ශත වර්ෂයේ බලකොටු නිර්මාණය කිරීමේ තාක්ෂණය සඳහා ලෝකයේ පවතින ප්‍රමුඛ උදාහරණය ලෙස යුනෙස්කෝව ශ්‍රී ලංකාවේ ගාලු කොටුව නම් කර ඇති අතර එය අපට අභිමානයකි. 20 වන ශත වර්ෂය ආරම්භයේදී ඉංග්‍රීසින් විසින් ඉදිකළ ප්‍රදීපාගාරය හා අනිකුත් ඉංග්‍රීසි ගෘහ නිර්මාණය අනුව ඉදිකළ ගොඩනැගිලි ගාලු කොටුවේ සුන්දරත්වය ඔපවත් කරයි.

ගාලු කොටුවට ඇතුල් වුන ස්ථානය

1697 දී ඉදිකර ඇත

තවත් පඩිපෙලක්

එහි තේජාන්විතභාවය තවමත් රැඳී පවතී

සුන්දරත්වය දකිමින් ඉදිරියටම

නරඹන්නන්ගේ විනාශකාරී වැඩ

ඔරලෝසු කනුව

සුන්දර සන්ධ්යා භාගයේ ගාලු කොටුවේ සැරිසැරීම අපි ලැබූ භාග්‍යකි . ආකාශය තැඹිලි පැහැ ගැන්වී තිබුණි. එක්වරම අප නෙත ගැටුනේ කවමදාවත් නොදුටු දසුනකි. එය දුටු සැනින් අප ටික වෙලාවක් බිරන්තට්ටු වේ සිටි බව රහසක් නොවේ. එනම් ඇත මුහුදේ නැවක් ගමන් කරන අතර ටෝනාඩෝවක් වැනි දෙයක් නැව් දෙසට ගමන් කරයි. එහෙත් පරීක්ෂාවෙන් බැලූ කල දුටුවේ වලකුලකින් මුහුදේ වතුර උඩට ඇද ගන්නා බවය. විනාඩි 10 ක් පමණ සිදු වූ එම ක්‍රියාවලිය නරඹා අපි නැවතත් ගාලු කොටුව මත පියමන් කළෙමු. ගාලුකොටුව තුල සිරගෙවල් පැවති බවට කදිම සාක්ෂි පවතී.

අහසට වතුර ඇදගන්නා අයුරු

අහසට වතුර ඇදගන්නා අයුරු

හිරගෙවල් තිබු බවට සාක්ෂි

අපගේ සිතට ශෝකය ගෙන දෙන කරුණු අතර සමහර ශ්‍රී ලංකීකයන් විසින් තමන්ගේ නම් ලියා මෙම වටිනා පුරාවස්තුව කෙලෙසා තැබීම ප්‍රධාන තැනක් ගත්තේය. එලෙසම සමහර ජෝඩු අශිලකාරී ලෙස හැසිරීමට ගාලු කොටුව තෝරාගෙන සිටීම පුදුමය දනවන කරුණක් විය.

වෙන තැනක් තිබුනෙම නැද්ද??

මදකට ඒවා අමතක කල අපි සිරි නැරඹුවෙමු. එක් පසකින් තෙරක් නොමැති සාගරය දිස් වූ අතර තවත් පසකින් ගාලු වරාය දිස්වෙයි. වරායට සේන්දු වූ නැව් දෙස බලා සිටි අප නැවතත් ගමන් ආරම්භ කළෙමු. එවිට අප නෙත ගැටුනේ ගාල්ල අන්තර්ජාතික ක්රිකට් ක්රීඩා පිට්ටනියයි. හෝරාවක් පමණ ගාලු කොටුවේ ගතකල අපි ගොම්මන ලඟා වන විට කොළඹ බලා පිටත් වුනෙමු.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා පිට්ටනිය

ගාලු වරාය



ජය වේවා!

හොඳද නරකද කියන්න මෙතන කොටන්න

ගොනු කර ඇත්තේ: පෞරාණික උරුමයසංස්කෘතික සවාරි

Tags:

RSSComments (6)

Leave a Reply | Trackback URL

  1. viraj says:

    ඵ්‍රිය දිනේශ්

    හරිම රසවත් සහො,
    වීඩියොවත් ඉස්තරම් !

    තව අලුත් travel story එකක් දෙන්න

    BR
    viraj

  2. Amila says:

    හරිම ලස්සන වාර්තවක් ජය පතමි

  3. maduranga says:

    අපරාඩෙ ගල්ලෙ ඉදලා මතර යද්දි වැලිගම බිච් අකට ගිය්යෙ නැද්ද බලන්න ලස්සන තැන් ගොඩක් තියේ. මුහුදෙ ගුහවක් තියෙනවා

  4. dilan says:

    එල සහො ඔහොම දිගටම කරගෙන යමු……………..

  5. ගාලු කොටුව සංවර්ධනය කිරීම සදහා රුහුණු විශ්වවිද්‍යාලයේ ඞ්ජිනේරු පීට සිසුන් පිරිසක් විසින් සිදුකරණු ලබල ව්‍යාපෘතියක් වෙනුවෙන් ඔබගේ වටිනා කාලයෙන් විනාඩියක් වෙන් කරන මෙන් ඉල්ලා සිටිමි.

    සැ.යු. මෙය පිරවීමට සිංහල / English හෝ සින්glish භාෂා භාවිතයට ගත හැක.

    සත්‍ය කරුණු පමනක් සැපයීමට කාරුනික වන්න.

    මෙය අපගේ ව්‍යාපෘතියට වැදගත්ම අංගයක් බැවින් ඔබගේ සහයෝගය කාරුණිකව බලාපොරොත්තු වෙමි.

    පහත link එක මගින් පෝරමය පිවිසෙන්න.

    https://docs.google.com/spreadsheet/viewform?formkey=dFgxWG12bXR2UTNTOS1jUkZuZ2hxcXc6MQ

  6. Gamini says:

    ලංකාවේ ෙපෳරාණිකවූත්,ඵෙතිහාසිකවූත් වැදගත් ස්ථාන වල ඉතිහාසය අපට මෙන්ම මතු පරපුරටත් කියවා දැන ගැනීමට සිංහල බසින් පළ කිරිම ගැන හද පිරි ස්තූතිය.. ඔබට හා සහය වූ සැමටම
    Thanks for you and for those who helped you to publish this type of article of historic valued place in our country. Hope you will continue thip type of work for othe historically valued places of our countrty in our mother tounge.

Leave a Reply